ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ නව වසරක් වෙවා !!!!

මෙදා සැරේ අවුරුද්ද සිංහල දෙමළ මෙන්ම ශ්‍රී ලංකවාසී අපි සියලු දෙනාටම ඉතාමත් වැදගත් එකක් කිව්වොත් මම හිතන්නෙ මම නිවරදියි....
මොකද අවුරුදු 30 කුරිරු ත්‍රස්ථවාදී යුද්දයක කොටු වී සිටි අපි නිවහල් දේශයක් ලෙස අලුත් අවුරුද්දක් සමරන පළමු සැරය නිසා....
ගින්නක් නැතිව දුමක් නොනගින නිසවෙන්ම මෙවන් යුද්දයක් ...හතු පිපෙන්න මෙන් එක වර  හට .නොගනී.. අපි නොදනුවත් කමින් හෝ දැනුවත් කමින් හෝ ජාතීන් අතර තිබුනු මත බේදකම් , විරුද්ධවදීකම් මේ සදහා ඉවහල් වූ බව බොහෝ දෙනා අමතක කරන කරුණකි....

එම නිසා සතුට , විනෝදය කැන්දා ගෙන එන මෙම නව වසර .... සෑම දා සුභම සුභ සාමයෙන් පිරි , ජාති භේදයෙන් තොර සශ්‍රීකවත් නව වසරක් කර ගනිමු.
මන්ද අපි එකම නිවහල් දේශයක් ,නිදහස් ශ්‍රී ලාංකිකයන්  වන නිසාවෙන් !!!!!!

එයයි නව වසරේ මගේ පැතුම එය ඔබේගෙද ප්‍රාර්ථනාව කර ගන්න...

ඔබ සැමට සුභ නව වසරක් වේවා.......

ආ අමතක වුනා.... අලුත් අවුරුද්දේ අංගාණියටත් පොඩි අලුත් ඇදුමක් ඇන්දුවා බලන්න හොදද කියලා......

0 comments:

Post a Comment